චීනය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයවීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජිංග්පිංග් පවසනවා.
ලබන 20 වනදාට යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් යොමුකරමින් ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන – ඒකීය සහ අනෝයන්‍ය සහයෝගීතාවයක් ශ්‍රී ලංකාවට සැපයීම චීනයේ අපේක්ෂාව බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල 65 වන සැමරුම මෙම වසරට යෙදී තිබෙනවා.
එය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සැළසුම් කරන බවයි චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
