රටේ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ විදුලි අර්බුදයේ සැබෑ තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනතාවට හෙළි කළ යුතු බවයි.