ලබන 18 වනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ කථාවට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් සහ සභානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ජනනාරි 19 – 20 හෝ 21 යන දිනවලදී එම විවාදය පැවැත්විය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
1978 වසරේ සිටම මෙම සම්ප්‍රදාය පවත්වාගෙන ආ බවද රනිල් වික්‍රමසිංහ මහතා යොමුකර ඇති ලිපිවල සඳහන්.