ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට පත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මෙම කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් 25 දෙනෙකු නම් කර ඇති අතර, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර එහි සභාපතිවරයා ලෙසත්, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ එහි ලේකම්වරයා ලෙසත් නම් කර තිබෙනවා.
රසායනික පොහොර, ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීම සහ නව ගෝලීය ආර්ථික රටාව තුළ ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම සඳහා පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළ ගැස්වීම මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණක්.
මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සුවිශේෂී ප්‍රමුඛතා සහ අදාළ ආයතන හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇති එමගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන්ට ශ්‍රී ලංකා පොලිසියේ සේවා මට්ටම ඉහළ නැංවීම / මත්ද්‍රව්‍ය උවදුරින් නිදහස් කර ගැනීමේ වැඩපිලිවෙල සඳහා සහායක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම / අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අන්තවාදය සහ ත්‍රස්තවාදී කටයුතු වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අයත් වනවා.
