ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර වහාම මැතිවරණයකට යා යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ජනතාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බලාපොරොත්තු වනද මේ වන විට පොහොට්ටු ආණ්ඩුවක් ගොඩ නැගෙමින් පවතින බවයි.
විවිධ පක්ෂවලින් සාමාජිකයන් බිලිබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යාම හැර වෙනත් සැලැස්මක් වත්මන් පරිපාලනයට නොමැති බවයි මෙම අවස්ථාවට එක්වූ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා චෝදනා කළේ.