අද වනවිට ජනතාව සහභාගී වන කිසිදු උත්සවයකට දේශපාලඥයින්ට සහභාගී වීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
තරුණ තරුණියන් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ඉල්ලීම් එලෙසම දිනාගත් ඉතිහාසයක් මෑත කාලයේම අත්විදි නිසා වහාම තරුණ ඉල්ලීම් ඉටුකිරීමට රජයේ නියෝජිතයන් කටයුතු කලයුතු බවයි අද මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ.