විනිවිදභාවයක් සහිතව බදු පණත් සංශෝධනය කිරීමේ කිසිම වැරැද්දක් නොදකින බව සමගි ජනබලවේගය පවසනවා.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේදම විශාල වශයෙන් බදු අඩු කරදැමීමේ වරදේ ප්‍රතිඵල අද දවසේ අත්විදීමට සිදුව ඇති බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් ජනතාව පීඩාවට පත්වන ආකාරයට බදු වැඩි කිරීම සදහා රජය මේ මොහොතේදී දරණ උත්සහයට සිය පක්ෂය විරුද්ධ බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
