කාබනික පොහොරවලට ජනතාව හුරුවන තුරු කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද පෙරවරුවේ ලූණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ ජනතාව හමුවකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.
ආණ්ඩුව ක්‍රමවත් සහ නිශ්චිත සැලැස්මකට අනුව තීරණ නොගැනීම හේතුවෙන් මෙරට ගොවි ජනතාව සහ රට වැසියන් බරපතල අනතුරක් අභිමුව සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියා.
හෙට දිනයේ සිට සියලු රාජ්‍ය සේවකයින් සදහා සේවයට වාර්තා කරවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද විපක්ෂනායකවරයා මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළා.