ශ්‍රී ලංකා රේගුවේ නම සහ ලාංඡනය අවභාවිත කරමින් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ජනතාව නොමග යවමින් ඇති බවට අනාවරණ වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වංචා සහගත පුද්ගලයින්ට සහ පුද්ගල කණ්ඩායම්වලට නොරැවටෙන ලෙසයි.
එවැනි වංචා සහගත ක්‍රියාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගුව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්රීයාත්මක කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා වැඩිදුරටත් සදහන් කළා.