ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධ ගැටලුවට අද දිනයේදී මධ්‍යස්ථ විසදුමක් ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී රටේ දරුවන්ගේ අනාගතය පිළිබද සිතා රජය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සුබවාදී තීරණයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සදහන් කළා.
ගෙවුණු කාලය තුල සිදුවූ ඇතැම් වැරදි සහ අඩුපාඩු නිවැරදි කරගත යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවත් එය ජනතාවට පක්ෂපාතීත්වය මිස ආණ්ඩුවේ දුර්වලකමක් නොවන බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කලා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා අනුරාධපුරයේදී කළ ප්‍රකාශය පදනම් කරගනිමින් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.