පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා අතර පවතින මත ගැටුම සම්බන්ධයෙන් ජගත් කුමාර මහතා අද දිනයේදීත් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පළ කලා.
ආණ්ඩුවේ සාමාජිකයින් විසින් ගන්නා වැරදි තීරණ සහ සිදුවන අසාධාරණකම් විවේචනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්වීමට උත්සහ කලහොත් අසාධාරණයට ලක්වූ තවත් මන්ත්‍රීවරු රැසක් ඊට එරෙහිව නැගී සිටිය හැකි බවයි ඔහු එහිදී අවධාරණය කලේ.
මේ අතර පවතින ගුරු විදුහල්පති වෘත්තීය අරගලය මෙතරම් කාලයක් පැවතීමට මූලික හේතුව සරත් වීරසේකර අමාත්‍යවරයා බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද චෝදනා කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ජගත් කුමාර මහතා කියා සිටියේ දිගින් දිගටම සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් විසින් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කලහොත් කවුරුත් නොදන්නා සත්‍යය රට වෙනුවෙන් හෙළි කිරීමට තමන්ට සිදුවන බවයි.