කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් කැදවමින් සිදුකළ ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම ඉල්ලීම කළ බවයි සරත් වීරසේකර මහතා කියා සිටියේ.
තමන් පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පෙරේදා මාධ්‍ය හමුවක් කැදවමින් අනාවරණ කළා.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සරත් වීරසේකර සහ ගාමිණි ලොකුගේ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකළාපය හමුවේ තමන් කළකිරීමට පත්ව ඇති බවත් එහි ආසනන්තම සිද්ධිය පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධීපතිවරයා මාරුකිරීම බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශයට අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශයක් කරමින් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.