“මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” අවසන් වාර්තාව ඉදිරි සති 02 තුළ සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට, එකඟතාවයක් ඇති වූ බව, එම කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මෙම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2022.06.08 රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවය ඇති වූ බව ඔහු පැවසීය.
මේ අනුව පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳ නව නිර්දේශ එම අවසන් වාර්තාවට ඇතුළත් වනු ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මැතිවරණ නීතී, කාන්තා හා තරුණ නියෝජනය, අපේක්ෂකයන් ජනමාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරක වියදම්, ඡන්ද ගණන් කිරීම ආදී කරුණු රැසක් පිළිබඳ අවසන් වාර්තාවේ නිර්දේශ ඇතුළත් වන බවය. එමෙන්ම සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමය හා සමානුපාතික ක්‍රමය අන්තර්ගතවන මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගනිමින් අවසන් වාර්තාව සකස් කිරීමටද නියමිතය.