රාජ්‍ය තුල චෞරයින් සේ කටයුතු කරන දේශපාලනඥයින් සහ නිළධාරීන් කවුරුන්දැයි රටට පෙන්වා දීමට සියලු මාධ්‍ය ආයතන වලට පෞරුශයක් තිබිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඊයේ මාතර පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කලා.
මාධ්‍ය සහ ග්‍රාහකයා අතර පැවතිය යුත්තේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පවතින ආකාරයේ සබදතාවක් බවද ඩලස් අලහප්පෙරුම මහතා එහිදී අවධාරණය කලා.