සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී

    කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

    ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

    බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි

    ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

    GAMUNU WIJERATHNE

    “හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

    ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට

    අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

    තවත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පැමිණිය හැකියි – ඉන්දියාව සූදානම් වෙයි

    හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී

    කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

    ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

    බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි

    ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

    GAMUNU WIJERATHNE

    “හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

    ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට

    අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

    තවත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පැමිණිය හැකියි – ඉන්දියාව සූදානම් වෙයි

    හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

චෝදනාවක් තිබේනම් මුහුණට අහන්න – පාඨලීගෙන්, අනුර කුමාරට විවෘත ආරාධනාවක්

Shamil Fernando by Shamil Fernando
7 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
චෝදනාවක් තිබේනම් මුහුණට අහන්න – පාඨලීගෙන්, අනුර කුමාරට විවෘත ආරාධනාවක්
0
SHARES
47
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇමතිවරයෙකු ලෙස තමන් කළ කාර්්‍යයන් සම්බන්ධයෙන් සැකයක් චෝදනාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මුහුනට මුහුන  විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා තමන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

හිතවත් අනුර කුමාර දිසානායක මහතාණෙනි,

මිත්‍රශීලී සහ විවෘත සංවාදයක් සඳහා ආරාධනයයි

විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන නිසාය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ කිහිප දෙනෙකු විසිනුත් එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන නැතිනම් ඒවාට අනුබල දෙන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කරනුද නිරීක්ෂණය කළෙමි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

පවත්නා රාජපක්ෂ ආණ්ඩුව විසින් අපේ රට එහි ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන්ය. තමන්ගේ ඒ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස දැන් ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා එල්ල කිරීමත් අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන්නේ, කුප්‍රකට ඇවන්ගාඩ් වංචාව සිදුකළ නිශ්ශංක “සේනාධිපති” නමැත්තාගේ සංවිධානාත්මක මඩ ව්‍යාපාරයට මා මෙන්ම ඔබද එකසේ ගොදුරු වී සිටින නිසාය. එබඳු දූෂිතයන්ට කිසිදු සදාචාරයක් නොමැති නිසාත්, එසේම වංචනිකව කොල්ලකාගත් මහජන ධනය අසීමිත ප්‍රමාණයක් ඇති නිසාත්, ඕනෑම බොරුවක් කිසිදු හිරිකිතයකින් තොරව මහා පරිමාණයෙන් සමාජගත කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහාද සියලු යුක්තිසහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ, මේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීමයි.

නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? අප නිරීක්ෂණය කළ පරිදි නිශ්ශංක සේනාධිපතිගේ කණ්ඩායම විසින් අපට එරෙහිව නිර්මාණය කරන මඩ වීඩියෝ සහ ප්‍රවෘත්ති අභිරුචියෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රහාරයට අප හා සමානවම ලක්වෙමින් සිටින ඔබ විසින් නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් බවයි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නිදසුනක් ලෙසට පසුගිය දා ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ වීඩියෝව දැක්විය හැකිය. එය සියයට සියයක්ම අසත්‍ය කරුණුවලින් යුක්තව සකසා තිබූවකි. නමුත් ඔබ පක්ෂයේ සාමාජිකයෝ එහිදී සේනාධිපතිගේ උද්‍යෝගීමත් ප්‍රචාරකයන් බවට පත්ව සිටියහ. මෙයාකාරයෙන්ම සිදු වූ දිනයක් හෝ නිශ්චිතව සඳහන් නොකරන කුමක්දෝ ගල් අඟුරු වංචාවකට මා සම්බන්ධ යැයි ප්‍රචාරය කරති. යහපාලන කාලයේ සිදු වූ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් මා මැදිහත් වූයේ මුලින්ම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළ පුද්ගලයා වශයෙන් විනා චූදිතයා වශයෙන් නොවන බව ඔබ හොඳින්ම දනියි. පසුකලෙක එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට මා කැඳවූයේද පැමිණිල්ලේ සාක්ෂිකාරයෙකු වශයෙන්ය. එපමණක් නොවේ. මා පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී හඳුන්වා දුන් දුම් පරීක්ෂණය පවා බොරුවක් පමණක් නොව එයින් මට කොමිස් මුදලක් ලැබුණු බවට ද චෝදනා කරනු දුටුවෙමි. එය පුදුම සහගතය. දුම් පරීක්ෂණය හඳුන්වා දීමෙන් පසුව වායු තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහල ගියේය යන්නත් එම නිසා ශ්වසන රෝග අඩු වූයේය යන්නත් පර්යේෂණ මගින්ම ඔප්පු වී ඇති දෙයකි. එසේම එය සිදු කළේ කොමිස් මුදලක් බලාගෙනය නැතිනම් එයින් මට අයුතු මූල්‍ය වාසියක් ලැබුනේය යන චෝදනාව ඇත්තෙන්ම විහිළු සහගතය. ඔබ හොඳින්ම දන්නා පරිදි පෙර කී සංකල්පය අපේ අමාත්‍යංශය මගින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන ලද්දේ අප නොව ප්‍රවාහන අමාත්‍යංශය විසිනි. එම චෝදනාව කෙතරම් පදනම් විරහිතද යන්නට ඊටත් වඩා සාක්ෂි කුමටද?

අපට එරෙහිව දූෂිතයන් විසින් නිර්මාණය කරන සහ ජවිපෙ සාමාජිකයන් විසින් ප්‍රචාරණය කරන සියලුම චෝදනාවන්ගේ සැබෑ තත්ත්වය එයය. තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරඟකරුවන්ව විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වරදක් නොවේ. නමුත් එම විවේචනයන් සාධාරණ විය යුතුය. පදනමක් සහිත විය යුතුය. විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්තිසහගත විය යුතුය. නමුත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අපට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ඔබගේ පක්ෂයේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීමය. වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයන් කිහිප දෙනෙකු විසිනුත් මේවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් නමුත් කරනු දක්නට ලබීමය.

මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මෙයින් සිදුවන්නේ එක අතකින් මේ දූෂිත, අඥාන සහ අත්තනෝමතික පාලනයට එරෙහිව හරිනම් එක්සත්ව කටයුතු කළ යුතු බලවේග භේදභින්න වී අනවශ්‍ය කරුණු මත එකිනෙකා කුලල් කා ගන්නා තැනකට පත්වීමය. දැනටමත් ඔබ පක්ෂයේ සාමාජිකයන්ගේ ඒ අසාධාරණ චෝදනා ඉදිරියේ වේදනාවට හා කෝපයට පත්ව සිටින අපේ ආධාරකරුවන් අනවශ්‍ය හා නිශේධනාත්මක ආකාරයෙන් පෙරලා ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති බවක් අපි දකිමු. එය කිසිසේත්ම විය යුතු දෙයක් නොවේ. අනෙක් අතට ඊ ළඟ මැතිවරණය හුදෙක් ආණ්ඩු මාරුවන අවස්ථාවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සාමාජයීය වශයෙන් විප්ලවීය පරිවර්තනයකට භාජනය වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් කර ගැනීමේ වගකීමක් අප සියලු දෙනා සතුය. එවැන්නක් සඳහා ශිෂ්ටසම්පන්න ප්‍රතිපත්තිමය සංවාදයක් අවශ්‍යය. මේ වත්මන් ප්‍රවනතාව නිසා එබන්දකට ඇති ඉඩ අහෝසි වීමේ විශාල අවදානමක් පවතී. 

මේ ලිපිය ඔබතුමාට යොමු කිරීම මගින් අප අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව වෙනත් ප්‍රවේශයක් සඳහා වූ යෝජනාවක් කිරීමටය. පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන ලෙස පසුගිය කාලය පුරා මා වගකීම දැරූ අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් හෝ දූෂණයක් සිදු වී ඇතැයි ඔබ අවංකව විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන මට්ටමේ දැනුමක් හා සංයමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. මා යෝජනා කරන්නේ අප බොහෝ විට දැක පුරුදු, අනෙකාව සමතලා කිරීමේ හෝ අපහාසයට හා උපහාසයට භාජනය කිරීමේ වාචික පොරයකට නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයකටය. මෙය සාර්ථක වුවහොත් අපට මෙයින් ඔබ්බටද ගොස් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් වන පුළුල් ප්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කළ හැකිවනු ඇත. අපේ සුපුරුදු පාඨයකින් කිවහොත් මේ රට ඉන්නේ හිතෙන රටක් බවට පත් කර ගැනීම සඳහා, විපක්ෂයේ විවිධ දේශපාලන බලවේගයන් අතර ඇති සමානතා හඳුනා ගැනීමටත්, එසේම වෙනස්කම්වල පරතරය අඩු කර ගැනීමටත් මග පාදන එබඳු සංවාදයක් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යය.

මෙයට

පාඨලී චම්පික රණවක

Shamil Fernando
Shamil Fernando
Tags: අනුර කුමාර දිසානායකජනතා විමුක්ති පෙරමුණපාඨලී චම්පික රණවකසමගි ජන බලවේගය
Previous Post

අසාද් සාලි විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද? නැද්ද? – තීන්දුව ලබන 02 දා

Next Post

තවත් 351 දෙනෙකු සුවය ලබයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී
දේශීය

කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

by Shamil Fernando
June 26, 2022
දේශීය

ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

by Shamil Fernando
June 26, 2022
බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි
දේශීය

ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

by Shamil Fernando
June 26, 2022
GAMUNU WIJERATHNE
දේශීය

“හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

by Shamil Fernando
June 26, 2022
ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට
දේශීය

අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

by Shamil Fernando
June 26, 2022
Next Post

තවත් 351 දෙනෙකු සුවය ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In