චීනයේ නැන්ජිං නගරයෙන් මෑතකාලීනව හඳුනාගත් කොවිඩ් ව්‍යාප්තිය බෙයිජිං අගනුවර සහ තවත් ප්‍රාන්ත 05 කට පැතිරී ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී වූහාන් නගරයෙන් පැතිරිම සිදුවූ ව්‍යාප්තියෙන් පසු දරුණුම වසංගත තත්වය මෙය බවටයි චීන බළධාරීන් පෙන්වා දී ඇත්තේ.
පසුගිය 20 වනදා සිට මේ දක්වා ආසාධිතයන් 200 කට වැඩි පිරිසක් හමුවී ඇති බවද චීනය සඳහන් කලා.
නැන්ජිං ගුවන් තොටුපළේ සිට සියලු ගුවන් ගමන් ලබන 11 වනදා දක්වා අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.
චීන බළධාරීන් කියාසිටියේ නැන්ජිං නගරයේ වාසය කරන ලක්ෂ 93 ක් වන සියලු ජනයා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර ටෝකියෝ නගරයට පණවා ඇති හදිසි තත්වය තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත කර තිබෙනවා.
ඔසාකා ඇතුලු නගර කිහිපයකට එය අදාළ වනු ඇති.
ඩෙල්ටා වෛරස ආසාධිතයන් සීඝ්‍රයෙන් හමුවීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි ජපාන වාර්තාවල දැක්වෙන්නේ.
ගතවූ පැය 24 තුළදී ජපානයෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 10,000 ක්.
ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලසීමාව ආවරණය වන පරිදි ටෝකියෝ අගනුවරට හදිසි තත්වය පණවනු ලැබුවේ මීට සති කිහිපයකට පෙරදීයි.
