ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දුවාර විස්සයි 20 කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතරට පැමිණ තිබෙනවා.
ඒ, බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඒ අනුව ඇය එම ශ්‍රේණිගත කිරීම්වල නව වන ස්ථානයේ පසුවනවා.
පන්දුවාර විස්සයි 20 කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ටහිලා මැග්ග්රාත්ටයි.
එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා මාධවී 27 වන ස්ථානයටත්, නිලක්ෂි ද සිල්වා 51 වන ස්ථානයටත් පැමිණ තිබෙනවා.