ඝාතන ප්‍රයත්නයකින් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි දිවි ගලවාගෙන තිබෙනවා.
බැග්ඩෑඩ් නුවර ආරක්ෂිත කලාපයක පිහිටා ඇති ඔහුගේ නිල නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් එවා තිබූ අතර අගමැති ආරක්ෂක අංශය විසින් එම උත්සාහය ව්‍යර්ථ කර ඇති බවයි ඉරාක වාර්තා සඳහන් කලේ.
කෙසේවෙතත් ආරක්ෂක නිළධාරීන් 06 දෙනෙකු මෙහිදී තුවාල ලබා තිබෙනවා.
හිටපු බුද්ධි අංශ නිළධාරියෙකුද වන අල් කදිමි මහතා ඉරාක අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය මැයි මාසයේදීයි.