ඝාතන කුමන්ත්‍රණයකින් හෙයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි දිවිගලවාගෙන තිබෙනවා.
නිදහස් දින උත්සවයට සහභාගී වෙමින් සිටි ඔහු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
කෙසේවෙතත් ආරක්ෂකයන්ගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍යවරයා වහා වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බව සඳහන්.
පසුගිය ජූලි මාසයේදී හෙයිටි ජනාධිපතිවරයාද වෙඩි තබා ඝාතනය කෙරුණු අතර අනතුරුව එරට මේ වනවිට පවතින්නේ දැඩි අනාරක්ෂිත තත්වයක්.
ආයුධ සන්නද්ධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම සිදුවීම් පිටුපස සිටින බවටයි චෝදනා එල්ලවන්නේ.