මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින තද වැසි සහ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතුව තිබෙනවා.
කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති අතර , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ වරින් වර හට ගන්නා ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවන බවයි නිවුස් රේඩියෝ හැටන් වාර්තාකරු කියා සිටියේ.
පවතින වර්ෂාව සහ ඝන මිදුම් තත්ත්වය සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් රථ වාහන ධාවනය කිරිමේදි වඩාත් සැලකිලිමත් වන ලෙස හැටන් රථ වාහන පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.