පවතින රාජ්‍ය පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් ගාලු මුවදොර ජිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇරඹි සාමකාමි මහජන විරෝධතාවට අදට දින 18ක්.
පසුගිය 09 වෙනිදා ආරම්භ කල විරෝධතාවට මේ වනවිටත් අව්වැසි නොතකා දිවයිනේ සතර දෙසින් ජනතාව සහභාගී වන බවයි දක්නට ලැබෙන්නේ.
ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවට සමගාමීව දිවයිනේ සෙසු ප්‍රදේශ වලද ආණ්ඩුවිරෝධී ජනතා උද්ඝෝශණ සහ පෙළපාලි දැකගත හැකි අතර මේ ඊට සහභාගී වූ සාමාන්‍ය ජනතාව දැක්වූ අදහස් කිහිපයක්.
