හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ රැදී සිටින්නේ නීත්‍යානුකූලව බවත් ඔහු සැගවි ඇතැයි යනුවෙන් සිදුකෙරෙන අර්ථකථන තමා විශ්වාස නොකරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.