ඉදිරි සති දෙක තුළ මෙරට මිලියන 1.2ක් වන වී වගා කරන සියලු ගොවි ජනතාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ලද රුපියල් මිලියන 8000ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම මුදල ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙත ලබා දීම සඳහා පිරිනමන ලද්දේය.
මෙවර අපේ රටේ වී වගා කිරීමට ඉළක්ක කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08කි. මේ වනවිටත් වගා කර අවසන් කර ඇති හා තවමත් වගා කටයුතු කෙරෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 760,000 ඉක්මවා තිබේ.
මේ අනුව කුඹුරු හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙක් සඳහා රුපියල් 10,000ක් ද හෙක්ටෙයාර් 02ක් වගා කරන ගොවියෙක් සඳහා රුපියල් 20,000 බැගින් ද ඔවුන්ගේ ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ යටතේ අද දින (29) රුපියල් මිලියන 4000ක් ද, හෙට දින (30) රුපියල් මිලියන 2000ක් ද ගොවි ගිණුම්වලට බැර කෙරේ. ඉතිරි මිලියන 2000 ජනවාරි මස 01 වැනිදායින් පසුව ගොවි ගිණුම්වලට යැවීමට කටයුතු කර ඇත.කෙසේ වුවද සති දෙකක් තුළ සියලු වී වගා කරන ගොවීන්ට අදාල මුදල් ඔවුන්ගේම ගිණුම්වලට බැර වන බවද අමාත්‍යවරයා කීය.
