ගෙවුනු වසර වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තයට විහිලු සැපයූ වසරක් බව සමගි ජන බලවේගය පවසනවා.
මෙම වසර පුරාවරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අදූරදර්ශී තීරණ ගනිමින් ආණ්ඩුව කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කළ බවයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ.