නිවසේ සිට රාජකාරි කරන ගූගල් සේවකයන්ගේ වැටුප් කපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
නිවසේ සිට කාර්යාලයට ඇති දුර ඇතුලු සාධක කිහිපයක් සළකා මෙම කප්පාදු චක්‍රය සකස් කල බවයි ගූගල් ආයතනය නිවේදනය කලේ.
ප්‍රථමයෙන් අමෙරිකාව තුළදී එය ක්‍රියාවට නැංවෙන අතර සෙසු රටවලට කුමන අයුරින් බලපාන්නේදැයි මේ දක්වා අනාවරණය වී නැහැ.
කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා අංශ රැසක සේවකයන් නිවෙස්වල සිට රාජකාරි සිදුකලද එමගින් අපේක්ෂිත ප්රථිඵලය සියයට සියයක් නොලැබීමත් බොහෝ සමාගම් පාඩු ලැබීමත් වාර්තා වී තිබෙනවා.
මයික්‍රොසොෆ්ට් – ෆේස්බුක් සහ ට්විටර් යන තාක්ෂණ සමාගම්ද මේ වනවිට නිවේදනය කර ඇත්තේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බවයි.
