ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවකින් ඇමෝනියා නයිටේ්‍රට් නැමැති පුපුරණ ද්‍රව්‍ය සොරකම් කිරීමකට අදාලව ගුවන් හමුදා සහ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලූව 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාල සැකකරුවන් විසින් මෙලෙස සොරාගත් ඇමෝනියා නයිටේ්‍රට් ප්‍රදේශයේ ගල් වැඩපොළවල් වෙත අලෙවි කර ඇති බවයි.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.