කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම සදහා වෙන් කර ඇති ස්ථානයේ සත්‍යග්‍රහයක යෙදී සිටින තම නියෝජිතයන්ට පොලීසියෙන් අඛන්ඩ බාධා එල්ලවන වන බවට ගුරු විදුහල්පති වෘත්තිය සමිති පවසනවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සදහන් කලේ විරෝධතාකරුවන් ඉදිකර තිබු අව් ආවරණ පවා සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිළධාරින් පිරිසක් ඉවත් කිරීමට උත්සහ කල බවයි.
මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද උන්වහන්සේ අවධාරණය කලා