ගුරු විරෝධතා වලට සම්බන්ධ වු පිරිසෙන් කොපමණ සංඛ්‍යාවක් කොරෝනා ආසාධිතයන් ලෙස තහවුරු වී ඇතිදැයි අනාවරණය කරන්නැයි ලංකා ගුරු සංගමය ආණ්ඩුවට අභියෝග කරනවා.
සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව ප්‍රකාශ කලේ.
වැටුප් විෂමතා සම්බන්ධයෙන් කිසිදු පිලිතුරක් නොදෙන ආණ්ඩුව ගුරු පොකුරු පිළිබද සදහන් කරමින් විරෝධතාකරුවන් බිය ගැන්විමේ උත්සහයක නිරත වන බවටයි මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.
