ගුරු – විදුහල්පති ඉල්ලීම් දිනා ගැනිමේ ක්‍රියාදාමයේ උපාය මාර්ග හෙවත් ක්‍රමවේද වෙනස් කරන්නැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වර්ජනයේ නියුතු ගුරු – විදුහල්පති සංගම් වලින් ඉල්ලීමක් කරනවා.
සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දේශප්‍රිය මහතා සිහිපත් කරන්නේ පවත්නා කොරෝනා වසංගතය හමුවේ වීදි සටන් තවදුරටත් ඉදිරියට ගෙන යාම අහිතකර බවයි.
වෛද්‍ය වෘත්තියක්ට හා විශේෂඥයන්ට සවන් දෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවද අදාල සටහනේ වැඩිදුරටත් සඳහන්.
