ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතව තිඛෙනවා.
ගුරුවරුන්ගේ වැටුප් ඉහල නැංවිම මේ අවස්ථාවේදී කළ නොහැකි බවට කැබිනට් මණ්ඩලය ගත් ස්ථාවරය පිළිබද මෙම සාකච්ඡාවේදි පුලුල් අවධානයක් යොමු වනු ඇති.
ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ගුරු වැටුප් විෂමතාවය විසදා ගැනීමට අදාල ඉදිරි වෘත්තිය ක්රියාමාර්ග පිළිබද මෙහිදි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.
