ගුරු සහ විදුහල්පතිවරුන්ගේ නොවිසුදුණු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද අධ්‍යාපන අමාත්‍යවරයා හමුවුණා.
පවතින අර්බුද හමුවේ පාසල් ළමුන්ට සහ ගුරුවරුන්ට පාසල් පැමිණීම බරපතල ගැටලුවක් වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හමුවේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබා දීමට රජයට නොහැකි වී ඇති බවට පෙනීයන බවයි සාකච්ඡාවෙන් අනතුරුව නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ.