ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුලු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට කැදවීමක් කර තිබෙනවා.
ඒ අනුව එම සාකච්ඡාව ලබන අගහරුවාදා පස්වරු 06ට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවැත්වීමට සූදානම්කර ඇති බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ.
එදිනට අදාළ ගැටලුව කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ජෝසෆ් ස්ටාලින් මහතා මෙහිදී කියා සිටියා.