ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 44 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මෙම පිරිස අතර ගුරුවරුන් 22 ක්, ගුරුවරියන් 16 ක් සහ විරෝධතාවට සහභාගී වූ පිටස්තර පුද්ගලයන් 06 දෙනෙකු වන බවයි.
මෙම 44 දෙනාට කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කර තිබුණා. ඔවුන් පැමිණි වාහන 10 ක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම එම අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව එල්ලවී ඇති චෝදනා බවයි.