වැටුප් විශමතා ඉවත්කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් එක්ව කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබෙනවා.
අදාල විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව අසල දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුනා.
විරෝධතාකරුවන් අතරින් ගුරු සංගම් නියෝජිතයන් 3 දෙනෙකුට ජනාධිපති කාර්යාලට අසලට ගොස් එහි නිළධාරින් හමුවි සාකච්ඡා කිරිමට අවස්ථාවක් හිමිවුනා.
මේ අදාල සාකච්ඡාව ආරම්භ විමට පෙර ගුරු සංගම් නියෝජිතයන් වන මහින්ද ජයසිංහ සහ ජෝසෆ් ස්ටාර්ලින් ඇතුලු විරෝධතාකරුවන් පළ කළ අදහස්.
