ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනපුරා ගුරු සහ විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව විසදුම් ලබාදීම සදහා දැනට ඇති නිශ්චිත යෝජනාව අද කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ලෙස එය ඉදිරිපත් කරනු ඇති.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේදී ලැඛෙන ප්රථිඵලය පිළිබදව හෙට දිනයේදී ගුරු සංගම් කැදවා දැනුම් දීමට නියමිත බවයි. පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම සදහා පැමිණෙන ලෙස විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලවලින් ලේකම්වරයා ආයාචනා කර සිටියා.
