ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව විසඳීම සම්බන්ධයෙන් දැනට යෝජිත සමස්ථ වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක කොටස එකවර මෙවර අයවැය මගින් ගෙවා දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එකග වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සමග අද පාර්ලිමේන්තුවේදි පැවති සාකච්ඡාවකදීයි මෙම එකගතාවය පළකර ඇත්තේ.
ඒ අනුව එළැඹෙන 12 වනදා අයවැය ඉදිරිපත් කිරීමේදී මේ සම්බන්ධ නිල ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.