ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සදහා පත්කල කැබිනට් මණ්ඩල අනුකමිටුව අද රැස්වීමට නියමිතයි.
ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව පිළිබද අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට වාර්තා කිරිම සදහායි ඩලස් අලහප්පෙරුම / විමල් වීරවංශ / මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටුව පසුගිය කැබිනට් මණ්ඩලයේදී පත් කෙරුණේ.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ගුරුවරුන්ගේ ගැටලු සදහා සාධනීය විසදුමක් අනිවාර්යෙන්ම ලබාදෙන බවයි.
කෙසේවෙතත් මේ වනතෙක් කිසිදු සාකච්ඡාවක් සදහා පැමිණෙන්නැයි එම අමාත්‍ය අනුකමිටුව විසින් තමන්ට කිසිදු කැදවීමක් සිදු කර නොමැති බවයි ලංකා ගුරු සංගමයේ සහ ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයන් නිව්ස් රේඩියෝවට කියා සිටියේ.