ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබද ගැටලුවට සාර්ථකම විසදුම දිය හැක්කේ එළඹෙන අයවැය ලේඛණයෙන් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. රටපුරා මේවනවිට පැවැත්වෙන විරෝධතාවලට ප්රමුඛ හේතුවක් වී ඇති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබද අර්බුදයට විසදුම් දීමට ආණ්ඩුව තවමත් අපොහොසත්වී ඇත්තේ ඇයිදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්ණ කර සිටියා.
මීළග අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාස 3ක් වැනි කෙටි කාළයක් පමණක් ඉතිරිව තිබියදී එම කාලය ඉවසා නොගෙන ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සිදුකරන විරෝධතා අසාධාරණ බවයි අමාත්‍ය ජී එල් පිරිස් මහතා කියා සිටියේ.
මෙරට ගුරුවරුන්ගෙන් සියයට 87කට මේවනවිට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව දී අවසන් බවද අමාත්‍ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.