වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා සිදුකරන එළිමහන් විරෝධතා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
කොවිඩ් වසංගතය හමුවේ උද්ගතව ඇති තත්වය සැළකිල්ලට ගනිමින් වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහ ඉල්ලීම් මත මෙම තීරණය ගෙන ඇති බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.
වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව මහනුවර නගරයෙන් ආරම්භ කළ පාගමන පස්යාල ප්‍රදේශයෙන් නවතා දැමීමට එම වෘත්තීය සමිති තීරණය කළා.
පාගමන අවසන් කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් දැනුම් දුන්නේ අද සිට එළිමහන් විරෝධතා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට ගෙන ඇති තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
