ගුරු – විදුහල්පති වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා’පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර තිබෙනවා.
එම කමිටුවේ පළමු රැස්වීම අද කොළඹදී පැවැති අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද ලබාගත් බව එම කමිටුව නිකුත් කල නිවේදනයක සඳහන්.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටුව පියවර ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
කමිටුවේ සාමාජිකයන් වන්නේ ඩලස් අලහප්පෙරුම / විමල් වීරවංශ / මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්යවරුනුයි.
