වැටුප් විෂමතා ඉවත්කරන්නැයි රජයට බලකරමින් ආරම්භ කර ඇති අරගලයට සම්බන්ධ වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ට එරෙහිව රටපුරා අධිකරණවල නඩු පැවරීමට පොලිසිය කටයුතු කළද ජයග්‍රහණයකින් තොරව තම අරගලය අත් නොහරින බව වැටුප් විෂමතාවට එරෙහි ගුරු විදුහල්පති ජාතික එකමුතුව අවධාරණය කරනවා.
එහි සම කැදවුම්කරු නිමල් මුදුන්කොටුව මහතා අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ කිසිදු ආකාරයේ මර්දනයකට තම වෘත්තීය ක්‍රියාමාර්ගය යටපත් කිරීමට ඉඩ නොදෙන බවයි.
ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ විරෝධතාවයකට අදාලව පොලිසිය විසින් 25 දෙනෙකුට එරෙහිව ගොණුකර ඇති නඩුවක් අද (11) මහනුවර අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවා තිබුණා.
එම අවස්ථාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ වැටුප් විෂමතාවට එරෙහි ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ සම කැදවුම්කරු නිමල් මුදුන්කොටුව මහතා අවධාරණය කළේ රටපුරා ආරම්භ කර ඇති විරෝධතා ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ආරම්භ කර ඇති බවයි.