ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව මුල්කරගනිමින් ආරම්භ කළ අරගලයට පූර්ණ සහය ලබා දීමට අනෙකුත් වෘත්තීය සමිතිද එකගතාව පළකර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතායි මේ බව කියා සිටියේ.
ඒ අනුව මෙරට ප්‍රධාන අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති සමග ඉදිරියේදී ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යාමට සැලසුම් කර ඇති බවයි මහින්ද ජයසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.