මෙරට ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සදහා රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
සාරධර්ම අතින් පිරිපුන් දරු පරපුරක් බිහිකීරීම සදහා වගකීම් ඉටුකරන සමස්ථ ගුරු ප්‍රජාව සදහා සැමවිටම රජය ඇතුලු සියලු දෙනා ගෞරවකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ අදට යෙදෙන ගුරුදිනය වෙනුවෙන් බත්තරමුල්ල පිහිටි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදීයි.
ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමද මෙහිදී සිදුකෙරුණා.