ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලූව විසදීමට අදාලව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ ගනු ලැබූ තීරණ පිළිබදව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.
දීර්ඝ කාලයක සිට නොවිසුදුනු ගැටලූවක් වූ මෙම වැටුප් විෂමතා ගැටලූව ඉදිරි වසර 4 ඇතුළත අදියර කිහිපයකින් නිම කිරීම එහි වැදගත්ම තීරණය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.