යළි ආරම්භ කෙරුණු සිසුන් 200 ට අඩු පාසල්වල ඉගැන්වීම් සදහා වාර්තා නොකිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ දිනයටත් වඩා වැඩි වශයෙන් අද දිනයේදි සාර්ථකව ක්‍රියාත්මක බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් කියාසිටියේ වැටුප් විෂමතා සම්බන්ධ ගැටළුවට නිසි විසදුමක් හිමි නොවන්නේ නම් මෙවන් ක්‍රියාමාර්ගවලට එළඹිමට ඉදිරියේදිද සිදුවන බවයි.
දේශපාලන අරමුණු මත ගුරු වර්ජනයක් ආරම්භ කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.