ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට මෙවර අයවැයෙන් විසදුම් දෙන බැවින් පාසල් යළි ආරම්භ කිරීමේ වැඩපිළිවලට සහය දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගුරු හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
නාවලපිටිය අධ්‍යාපන කොට්ඨාශයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
කොරෝනා වසංගතය හමුවේ වසර දෙකකට ආසන්න කාලයක් දරුවන්ට අධ්‍යාපනය අහිමිවි ඇති අවස්ථාවක පාසල් යළි ආරම්භ කිරිමේ තීරණයට සහය පළ කරන්නැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.