දිවයින පුරා ගුරු වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් නියෝජිත සම්මේලනයක් කැදවා ගුරුවරුන් ඉල්ලා සිටින වැටුප එකවර ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් සිදුකරඇති ප්‍රකාශයට ලංකා ගුරු සේවා සංගමය අද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔවුන් පවසන්නේ තම සංගමයට ආරාධනා නොකලත් කිසියම් ආකාරයකින් හෝ සිය ඉල්ලීම් සදහා නිසි විසදුම් ලබාදෙන්නේ නම් ඒ පිළිබද ගෞරවය පළ කරන බවයි.
අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මෙම අදහස් පළ කලා.
සිය වෘත්තීය අරගලය සදහා විශ්වවිද්‍යාල ප්‍රජාව දැක්වූ සහයෝගයද මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රශංසාවට ලක්වුණා.
මේ අතර සිය වෘත්තීය අරගලයේ දෙවන අදියරය පිළිබදවද මහින්ද ජයසිංහ මහතා එහිදී මෙලෙස අදහස් පළ කලා.