වැටුප් විෂමතා වෙනුවෙන් ආරම්භ කෙරුණු ගුරු – විදුහල්පති අරගලය දැඩි මට්ටමකට පත්වුයේ රජයේ ප්‍රතිචාර හමුවේ බවට ඉංජිනේරු සේවා වෘත්තියවේදින්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි සභාපති ඉංජිනේරු කැළුම් ප්‍රියන්ත මහතා සමාජ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් කියා සිටියේ වැටුප් විෂමතා ගැටලුවට වසර 24ක් පුරා විසදුම් ලැබි නොමැති බවයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ජනක විජයකුලසූරිය මහතාද මෙම සංවාදයට එක්වුනා.