ගුරු විදුහල්පති අරගලය සදහා සහය ලබාදීමට රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති 36 ක් තීරණය කර තිබෙනවා.
ඒ අනූව ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා නිසි විසදුම් නොලැබුණහොත් කෂේත්‍ර රැසක වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ විය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
කොවිඩ් වසංගතයේ සීඝ්‍ර පැතිරීම ගුරු විදුහල්පති හා අනෙකුත් උද්ඝෝශණ මත පටවා, කොවිඩ් මර්ධන තීරණ වල වැරදි වසා ගැනීමට ඇතැම් පාර්ශව දරණ උත්සහය හෙළා දකින බවයි මේ සම්බන්ධයෙන් අද පැවති වැඩසටහනකදී වැඩකරන ජන බලය සංවිධානය පෙන්වා දුන්නේ.
මේ එහිදී අදහස් දැක්වූ වැඩකරන ජන බලය කැදවුම්කරු රවී කුමුදේශ් මහතා.
මේ අතර රට තුල මේ වනවිට පවතින කොවිඩ් වසංගතයට සැබෑ හේතුවද රවී ක-ුමුදේශ් මහතා මෙලෙස පැහැදිලි කලා.