වැටුප් විෂමතා වෙනුවෙන් ආරම්භ කර ඇති ගුරු අරගලයට එරෙහිව ඇතැම් පිරිස් විවිධ අදහස් පළ කරමින් ඊට අපහාස කිරීම කිසිසේත් අනුමත නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.
එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ලංකාවටම ඔන්ලයින් ඉගැන්වීම සදහා එක් ගුරුවරයෙක් ප්‍රමාණවත් යැයි වැනි ප්‍රකාශ හරහා ගුරු අරගලය සමච්චලයට ලක් නොකල යුතු බවයි.